≡ Menu

MB Sinhala

භෛෂජ්‍යගුරු බුදුන් වහන්සේ යනු කවුද ?

ශාක්‍යමුනී බුදුන් වහන්සේට අනුව භෛෂජ්‍යගුරු බුදුන් වහන්සේ යනු විශේෂ ප්‍රාර්ථනා 12ක් ඇතුව පාරමිතා පිරූ බුදුවරු 7ත් දෙනා වහන්සේලාගෙන් එක් කෙනෙන්කු වේ (වෛඩූර්ය ප්‍රභ තථාගත සූත්‍රය නැමැති මහායාන සූත්‍රය, සරසවි පොත් සැල ).


භෛෂජ්‍යගුරු බුදුන් වහන්සේ නිල් පාට වන්නේ ඇයි ?

සෑම බුදු කෙනෙකුටම ආවේනික වූ සංකේතාත්මක පාටක් ඇත. මේ හැම වර්ණයක්ම උන් වහන්සේලාගේ ශරීර වලින් නිකුත් වන්නේ සියළු සත්වයන් සුවපත් කිරීම සඳහාය.

සුපරිකීර්තිත-නාම -ශ්‍රී රාජ (රන්වන් පැහැය )
ස්වරඝෝෂ රාජ (කහ පැහැය )
ස්වර්ණභද්‍ර විමල (ජාම්බුනද රත්‍රන් පැහැය )
අශොඉකෝත්තම ශ්‍රී රාජ (ලා රතු පැහැය )
ධර්මකීර්තිසාගර (ලා රෝස පැහැය )
පරම-ප්‍රඥා-ධර්ම-සාගර අභිඥරාජයන් (හිරි ගල්, කොරල් පැහැය )
භෛෂජ්‍යගුරු වෛඩූර්ය ප්‍රභ (නිල් පැහැය )
ශාක්‍යමුනී (රන් පැහැය )

භෛෂජ්‍යගුරු වෛඩූර්ය ප්‍රභ බුදුන් වහන්සේව මුල් කරගන්නේ උන් වහන්සේගේ නිල් පැහැයට සුවපත් කිරීමේ බලයක් ඇති බැවිනි . වෛඩූර්ය පැහැයට ඍණාත්මක බලපෑම් වලින් ආරක්ෂා කිරීමට හැකියාවක් ඇත.

 

භෛෂජ්‍යගුරු බුද්ධ පූජාවේ විශේෂත්වය කුමක්ද ?

බුදු දහමට අනුව මේ විශ්වයේ ගණනය කල නොහැකි තරම් බුදුන් වහන්සේලා වැඩ සිටිනවා. භෛෂජ්‍යගුරු බුදුන් වහන්සේ මේ අනන්ත බුදුන් වහන්සේලාගෙන් එක් නමක් පමණි. වෛඩූර්ය ප්‍රභ තථාගත සූත්‍රයට අනුව ධර්මය පිරිහී යන කාලවලදී මෙම බුදුන් වහන්සේලාගේ බලය වැඩි බව සඳහන් වෙනවා. එම නිසා මෙම යුගයේදී මානසික හා කායික සුවපත් වීම් සඳහා මේ බුදුවරුන්ට කරන පූජා බලවත් වේ.


මෙම පූජාව ලාංකික අපට වැදගත් වන්නේ ඇයි ?

හෙල වෙදකමේ වෙද මහතුන් අතර මෙම බුදුන් වහන්සේලගේ බුද්ධ මන්ත්‍රය පරම්පරාවෙන් පැමිනී ඇත. බෙහෙත් කලවම් කිරීමේදී සහ නාඩි ඇල්ලීමේදී මෙය යොදා ගනී.